තුන්ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සර්වඥ දශබලධාරීන් වහන්සේ සෝලසාසංඛ්‍ය කල්ප ප්‍රමාණයක් මනෝවාග්ප්‍රණිධාන (සිතින් හා වචනයෙන් පෙරුම් පිරීම්) වශයෙන් හා සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පුරාවට මහාප්‍රණිධාන (ක්‍රියාවෙන් පෙරුම් පිරීම්) වශයෙන් ද අනන්‍යසාධාරණ වූ ක්‍රියාවන් සිදු කොට සම්මා සම්බුද්ධත්වයට පත්වූ සේක් අප වැනි අප්‍රමාණ සත්වයින් කෙරෙහි වූ අසීමිත කරුණාව හේතුවෙනි. බුද්ධත්වය ලැබ අනන්ත අපරිමාණ සත්වයින්ට නිවන් සාක්‍ෂාත් කරවමින්, බොහෝ පිරිසක් සුගතිගාමී කරවමින් පුරා හතලිස් පස් වසක් දහම් අමාවෙන් මුලු විශ්වයම සනසවා පිරිනිවන් පා වදාළ සේක.
cropped-1-removebg-preview.png

කළණමිතුරෝ ජාත්‍යන්තර සංවිධානය

ලොව වටා සිටින දෙස් විදෙස් කලණ මිතුරන්ගෙන් සැදුම්ලත් මෙම කලණ මිතුරෝ ජාත්‍යන්තර එකමුතුවට සාදරයෙන් පිළිගනිමු!

ත්‍රිපිටකය (e-Book)

ත්‍රිපිටකය යනු ලොව පුරා වෙසෙන බෞද්ධයන්ගේ පරම පූජනීය ග්‍රන්ථයයි. සහස්‍ර දෙකහමාරකට වඩා පැරණි බෞද්ධ ඉතිහාසයේ බුදු රජාණන් වහන්සේගේ ඉගැන්වීම් පිළිබඳ ලියැවුණු ලේඛන රාශියක් තිබුණා. බුදුදහමේ අන්තර්ගතය කුමක්දැයි ඔවුන් විවිධ වචනවලින් නිරූපණය කිරීමට උත්සාහ කළද, ත්‍රිපිටකය තරම් නිවැරදි කිසිවක් නොමැත. එහි සැබෑ සන්දර්භය තුළ බුදු රජාණන් වහන්සේගේ වෙනස් නොකළ, සත්‍ය ඉගැන්වීම් අඩංගු වේ.

එම උතුම් සද්ධර්මය ඔබගේ අවබෝධය සදහා ඉතා පිලිවෙලට සකස් කර ඇති අතර, මෙම වෙබ් අඩවිය මගින් ඔබ පරිහරනය කරන ජංගම දුරකතනයට, ටැබ් හෝ පරිගනකයට ඉතා පහසුවෙන් ඩව්න්ලෝඩ් කරගත හැක.

 

හෙලයේ මහා යතිවරයානන් වහන්සේලා විසින් රචනා කරන ලද සදහම් කෘති

25-min
අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහා ස්වාමින් වහන්සේ
23-min
අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහා ස්වාමින් වහන්සේ
24-min
අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම මහා ස්වාමින් වහන්සේ
26-min
අතිපූජ්‍ය භික්ෂු බෝධී මහා ස්වාමින් වහන්සේ
25-min
අතිපූජ්‍ය මාතර ශ්‍රී ඤාණාරාම මහා ස්වාමින් වහන්සේ